FAST NEWS

24×7 Around the Globe

පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙළෙඳාම සහ ආයෝජනය ශක්තිමත් කරනවා – අගමැති

පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වෙළෙඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම පිළිබඳ නවසීලන්තය සමග එක්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව සමග සාකච්ඡා කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

යුරෝපයෙන් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලැබුණද, යුරෝපයෙන් වෙන්වන බ්‍රිතාන්‍යය සමග ශ්‍රී ලංකාව වෙනම වෙළෙඳ ගිවිසුම් ඇතිකරගැනීමට උත්සාහ දරන බවද අගමැතිවරයා සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී බීබීසීය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් පවසා නැති බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී ඇතැයි විශ්වාස නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේසම්බන්ධයෙන් පක්ෂ සියල්ලම මේවනවිට සාකච්ඡා කර ඇති අතර, අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.