FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිදුවු දුම්රිය පීලි පැනීමකින් 32 දෙනෙකු මරණයට…

 

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සිදුවු දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇත.

ජග්ඩල්පුර් සිට බුබාන්ස්වර් ප්‍රදේශයට ධාවනය වෙමින් පැවති දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර  මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය පවසයි.

දුම්රිය එන්ජිම සහ මැදිරි 7ක් පීලි පැනීමට ලක්ව ඇති අතර එහි සිරවී සිටින මගීන් බේරාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව  වාර්තා වේ.

අදාළ දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී උත්තර් ප්‍රදේශයේ සිදුවු දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 140 දෙනෙකු මියගොස් ඇත.