FAST NEWS

24×7 Around the Globe

‘විධායක බලය සම්බන්ධයෙන් ජනපති ස්ථාවරයේ වෙනසක් නෑ…’

 

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් පවසා නැති බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී ඇතැයි විශ්වාස නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

යුරෝපයෙන් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලැබුනත් යුරෝපයෙන් වෙන්වන බ්‍රිතාන්‍යය සමග ශ්‍රී ලංකාව වෙනම වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට උත්සාහ දරන බවත් අගමැතිවරයා සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී ‘බීබීසී’ ය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්න කිහිපයක් ඩාවෝස් නුවරදී අගමැතිවරයා වෙත ඉදිරිපත් කළේ BBC World නිවේදිකාව විසිනි.