FAST NEWS

24×7 Around the Globe

‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගැයු රෝයි පිරීස් සමුගනී..

‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින්  රසික හදවත්  පිනවු  ගායන ශිල්පී  රෝයි පීරිස් මහාතා අද අලුයම  අභාවප්‍රාප්ත විය.

54 වියේ පසුවු ඒ මහාතා දෙදරු පියෙකි. පුත්තලම ශාන්ත ඇන්ඩෟෟ  මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රෝයි පිරිස් මහාතා  ඡාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් ගම්මානයේ  දෙවන කණ්ඩයේ  අධ්‍යාපනය  ලැබු සමාඡිකයෙකි.

ඔහු ඇත්ගාලේ හා ඒත්තුකාලේ විද්‍යාලවල සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

පුත්තලම පාලවිය ප්‍රදේශයේ උපන් ගම් වන අතර ඔහු මිය යන විට කොච්චිකඩේ  –  දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.