FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල අයදුම් සුදුසුකම් ප්‍රතිශතය ඉහළට..

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලයට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය ඉකුත් 2013 වසරට සාපේක්ෂව සියයට 4.8කින් වර්ධනය වී තිබේ.

ඒ අනුව 2013 දී 58.56ක් වූ එම ප්‍රතිශතය 2016 දී 63.36ක් දක්වා වර්ධනය වී ඇතැයි විභාග දෙපාර්තමේන්තු සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

එමෙන් ම මෙවර විශ්ව විද්‍යාලයට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබූවන්ගෙන් කලා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් , සියයට 70.28ක් අදාළ සුදුසුකම් සපුරා ඇතැයි එම දත්ත අනාවරණය කරයි.

ජීව විද්‍යා අංශයෙන් සියයට 53.26ක්, සුදුසුකම් ලබා ඇති අතර භෞතික විද්‍යා අංශයෙන් සියයට 53.35ක් සුදුසුකම් ලබා ඇත. වාණිජ අංශයෙන් සියයට 69.64ක් සුදුසුකම් ලබා ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේද විෂයයෙන් සියයට 55.58ක් සුදුසුකම් ලබා ඇත.

ෙජෙව පද්ධති තාක්ෂණවේදයෙන් සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය සියයට 60.16කි.

මේ අතර විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමට සුදුසුකම් ලැබූවන්ගෙන් වැඩි ප්‍රතිශතය සබරගමුව පළාත වන අතර ඉකුත් වසරේ දී එම ප්‍රතිශතය හිමි වී තිබුණේ උතුරු පළාතට ය.

මෙවර උතුරු පළාත ඉන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, බස්නාහිර පළාත මෙවර ද තෙවන ස්ථානයට පත්ව ඇත.