පසුගිය මාස කිහිපය ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ කටයුතුවලින් සියයට විසි අටක් නිම කිරීමට හැකිවූ බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.
එසේම මෙම වරාය නගරයට සහ ගුවන් තොටුපොළට සම්බන්ධ සේවා සැපයුම් වෙනුවෙන් සේවා නගරයක් වත්තල, මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීම මේ වසර තුළදී ආරම්භකරන බව ද ඔහු කියා සිටියේය.
අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේ වරාය නගර ඉදිකිරීම් නිරීක්ෂණය කරමිනි.








