FAST NEWS

24×7 Around the Globe

ශරීරයේ 40% කට වඩා පිලිස්සුම් රෝගීන්ට ජාතික රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර නෑ..!

ශරීරයේ සියයට 40කට වඩා පිලිස්සුම් තුවාල ලබන රෝගීන් කොළඹ ජාතික රෝහ‍ලේ පිළිස්සුම් ඒකකයට නේවාසික ප්‍රතිකාර සඳහා භාර නොගන්නා බවට රෝගීහු චෝදනා කරති.

මේ හේතුවෙන් දැඩි පිලිස්සුම් තුවාල ඇති අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතා දුර පළාත්වල සිට පැමිණීමට සිදුවන බවත් ඇතැම් රෝගීන්ගේ තුවාලවලට විෂබිජ ඇතුළු වීමෙන් ඔවුන් මියයාමේ අවදානම පවතින බවත් පැවසේ.

එවැනි අසාධ්‍ය රෝගීන්ට බෙටඩීන් ක්‍රීම් පමණක් ආ‍ලේප කර දින තුනකින් යළි රෝහලට පැමිණෙන ලෙසට පවසන බවද වාර්තා වේ.

ඇතැම් රෝගීන් රෝහලට ඇතුළත් කළ පසු ඇක්ටිකෝට් නමැති සමේ මැරුණ සෛල වැඩීමට භාවිත කරන ප්ලාස්ටරය පිටතින් මිලදී ගැනීම සඳහා නිර්දේශ කරන බවත් එම එක් ප්ලාස්ටරයක මිල රුපියල් 20,000 ත් 29,000ත් අතර වන බවත් රෝගීහු පෙන්වා දෙති.

පිලිස්සුම් ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍යවරිය රෝගීන්ට නිසියාකාරව ප්‍රතිකාර නොකරන අතර අනතුරුවලට එක්වූ රෝගීන්ටද ඔවුන් සියදිව හානි කර ගැනීමට තැත්කර ඇති බවට සැක සහිත බව පවසමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන බවද පැවසේ.

මේ පිළිබඳව අසාධාරණයට පත්වූ රෝගීන් රෝහල් අධ්‍යක්ෂවරයාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද පැමිණිලි කිරීමට නියමිත බවද ආරංචි වේ.