FAST NEWS

24×7 Around the Globe

දුම්රිය එන්ජින් රියැදුරු ගැටළු විසඳීමට කැබිනට් පත්‍රිකාවක්..

දුම්රිය එන්ජින් රියැදුරු ශ්‍රේණියට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීම සහ රියැදුරු ශ්‍රේණියේ බඳවා ගැනීමේ පටිපාටියට වෘත්තීය සුදුසුකම් හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ලොකොමොටිව් එන්ජින් රියැදුරු සංගමය සමග පෙරේදා (18) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.