FAST NEWS

24×7 Around the Globe

ත්‍රීකුණාමල වරාය පිළිබඳ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. වෙත අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

ත්‍රීකුණාමල වරාය සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථීක සමුළුව අතරවාරයේ දී ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

අදාළ යෝජනාවට ඉන්දීය රජය ද එකගතාව පල කර ඇති බවත් ත්‍රිකුණාමල නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

එට්කා ගිවිසුම ද මෙම වසරේ මැද භාගය වනවිට අත්සන් තැබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහදි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.