FAST NEWS

24×7 Around the Globe

‘ශ්‍රී ලන්කන් අක්‍රමිකතා ගැන හැකි නම් එෆ්.බි.අයි. ආයතනයට පැමිණිලි කරන්න’

 

ඒකාබද්ධ විපක්ෂය තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ හැකි නම් ඇමෙරිකාවේ එෆ්.බි.අයි. ආයතනයට පැමිණිලි කරන ලෙසත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා අවධාරණය කළේය.

රුපියල් කෝටි පහළොස් දහසක මුදලක් ශ්‍රී ලංකා රජයට අහිමි කළ බව පවසමින් තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ ඒ මහතා මේ සම්බන්ධයෙන් අද (20) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කරන බවද පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා රාජපක්ෂ පාලන සමයේ සිදුකළ වංචා දූෂණ සම්බන්ධයෙන් එහිදී මාධ්‍යයට කරුණු අනාවරණය කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තමන්ට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ල මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කිරීමට නොහැකි චෝදනාව වක්‍රාකාරව ඔවුන්ටම එල්ල කර ගැනීමක් බවද කබිර් හෂීම් මහතා වැඩිදුරටත් පැවැසීය.