FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා පළමු කළු ජනපති ඔබාමා ධවල මන්දිරයෙන් යයි…!

ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති මෙන්ම පළමු කළු ජාතික ජනාධිපතිවරයා ද වන බරැක් ඔබාමා ධවල මන්දිරයේ ගත කරන අවසන් දිනය අද (20)  වනු ඇති බවත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එසේම අද රාත්‍රිය වනවිට නව ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ බාර ගන්නා ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පදිංචියට පැමිණෙනු ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ධවල මන්දිරයට සමුදීමෙන් පසු ඔබාමා, බිරිය මිෂෙල් සහ දියණියන් පදිංචිය සඳහා වොෂින්ටන් අගනුවර මන්දිරයක් තෝරා ගනු ඇති බවත් එම මන්දිරයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 5.3 ක් බවත් වාර්තා වේ.