FAST NEWS

24×7 Around the Globe

හිටපු නි.අමැති සරත් ගුණරත්නට අධිකරණයෙන් ඇප..

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පසුගිය 02 වනදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට අද (20) කොළඹ මහාධිකරණය ඇප ලබා දීමට නියෝග කළේය.

අදාළ නඩුව මීට පෙර අවස්ථා කිහිපයකදී විභාගයට ගැණුනු අතර එහිදී  සරත් කුමාර ගුණරත්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙරුණු අතර ඒවා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් අදාළ නඩුව අද(20) කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය අද නියෝග කළේය.