FAST NEWS

24×7 Around the Globe

කළු ගගේ ජලය පානය කිරීමට නොගන්නැයි ජල සම්පාදනය කියයි..

දැඩි නියං තත්ත්වය හමුවේ කළු ගඟට මුදුහු ජලය මිශ්‍ර වන බැවින් පානීය අවශ්‍යතාවයන් සඳහා කළු ගඟේ ජලය භාවිතයට නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කළු ගඟට මුහුදු ජලය මිශ්‍රවීම හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රගාරයෙන් ලබා ගන්නා ජලයට පමණක් ලවන මිශ්‍ර වී ඇති බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

රත්නපුර, හොරණ, පානදුර, මොරටුව, පිළියන්දල සහ කළුතර යන ප්‍රදේශවලට කෙත්හේන ජල පවිත්‍රගාරයෙන් ජලය නිකුත් වන බැවින් එම ජලය පානීය අවශ්‍යතා සඳහා යොදා නොගන්නා ලෙස එම මණ්ඩලය ඉල්ලීමක් කරයි.

එම ප්‍රදේශවල ජනතාවට පානීය අවශ්‍යතාවයන් සඳහා බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.