FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ලුහුබැඳ ආ රථයේ සීසීටීවී දර්ශන කොළඹ සරසවියට..

වසීම් තාජුඩීන් ඝාතන නඩුවට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා පෙබරවාරි 02 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මේ අතර තාජුඩීන්ගේ මරණය සිදුවූ දින රාත්‍රියේ ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලුහුබැඳ ගිය බව කියන වාහනය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමටද  අධිකරණය අවසර ලබා දුන්නේය.