FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 50 වර්ජනය කරයි..

ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවන බව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 50 දෙනකු ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි..

දිවුරුම් දීමේ උත්සවය සිකුරාදා (20දා) සිදු කිරීමට නියමිතව ඇත.

මෙවන් තත්ත්වයක් උදාවීමට මුල්වී ඇති කරුණ ලෙස විදෙස් වාර්තා සඳහන් කර තිබෙනුයේ ට්‍රම්ප් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ කොංග්‍රස් මණ්ඩල සාමාජිකයකු වන ජෝන් ලුවිස් අතර උද්ගත වී ඇති අර්බුදයයි.

මෙම අර්බුදය හටගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය නීත්‍යනුකූල නොවන බව ලුවිස් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශ කිරීමත් සමගය.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් පවසා ඇත්තේ ලුවිස් සතුව ඇත්තේ කතාව පමණක් බවය.

මෙම ප්‍රකාශයත් සමග කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් ට්‍රම්ප් කෙරෙහි අප්‍රසාදය දැක්වීමට මෙම උත්සවය වර්ජනය කිරීමට ඉදිරිපත්ව ඇත.