FAST NEWS

24×7 Around the Globe

අඳුරු වීදුරු සහ තිර රෙදි සොයා පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්..

අද (19) සිට 31 දක්වා රථ වාහන මෙහෙයුමක් දියත් කර රියැදුරු අසුන දෙපස අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළගොස් ඇති බවත්,  ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.