FAST NEWS

24×7 Around the Globe

උමා ඔය ව්‍යාපෘතියෙන් අසරණ වුවෝ සත්‍යග්‍රහයක් අරඹති..

උමා ඔය ව්‍යාපෘතියේ නිවාස හා දේපොළ අහිමි වූ ජනතාවට වහාම වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇති බව පැවසේ.

ජනතාවට සහන සැලසීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු සියල්ලම මේ වනවිට පුස්සක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සත්‍යග්‍රහයට එක් වෙමීන් සඳහන් කර තිබේ.

පසුගිය 15 වැනිදා වනවිට නිවාස අහිමි ජනතාවගෙන් 100 දෙනෙකුට නිවාස ලබාදෙන බවට පොරොන්දු ලබාදී තිබූ බවත්, එහෙත් එම පොරොන්දු මේ වනවිට කඩකර තිබෙන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන්  කර තිබේ.