FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයෙන් ඇමති කබීර් හෂීම්ට එරෙහිව අල්ලසට පැමීණල්ලක්..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඇණවුම් කර තිබූ එයාර් බස්‌ ගුවන් යානා තුනක්‌ මිලදී ගැනීම අවලංගු කර රජයට රුපියල් බිලියන 150 ක්‌ අහිමි කළ බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (18දා) රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට විරුද්ධව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ කරන ලදී.

කනක හේරත් මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (19) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මෙම මුදල අහිමිකිරීමට අමතරව එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු ඇමරිකානු ඩොලර් මිලියන 10 ක කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීම පිළිබඳ පරීක්‍ෂණයක්‌ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ..

ආණ්‌ඩුවේ දූෂිත ගනුදෙනු හෙළිදරව් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආරම්භ කළ යහපාලන ටොප් ටෙන් වැඩසටහනේ හයවැන්න ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම පක්ෂය මාධ්‍ය වෙත පැවසීය.

මෙයට පෙර අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස්‌දෙනකුට එරෙහිවද ඒකිබද්ධ විපක්ෂය අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය..