මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති ඔහුට කිසිම කොන්දේසියක් පනවා නැති බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන්නේ කොන්දේසි අනුවදැයි මාධ්‍යවේදීන් විමසූ විට ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ කිසිම කොන්දේසියක් නැති බවයි.
‘කල්ලි, කණ්ඩායම් දැන් නැහැ. සභාපතිතුමා පක්ෂය මෙහෙයවනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ. හිටපු ජනපතිට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළැයි කියන මාධ්‍ය වාර්තා ගැන විමසූ විට එහෙම දෙයක් නැතැයි ප්‍රේමජයන්ත මහතා කීවේය.
‘මම කියනදේ ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකියි.‘







