FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය ලේකම්ට CNN ගැන අධිකරණයෙන් නියෝගයක්..

සංඛ්‍යාත ගැන කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්න එපා විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී. එස්. එන්. රූපවාහිනි නාළිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නැයි අභියාචනාධිකරණය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාට ඊයේ (17දා) නියෝග කෙළේය.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සී. එස්. එන්. නාළිකාවට ලබාදී තිබූ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව එහි සභාපති රොහාන් වැලිවිට මහතා ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය එලෙස නියෝග කෙළේය.

අදාළ පෙත්සම ලබන පෙබරවාරි 16 වැනිදා විභාගයට ගැනීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, එතෙක් සී. එස්. එන්. නාළිකාවට අයත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කෙළේය.