FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවි සිසුන් අතර ගුටි බැට හුවමාරුවක්..

නවක වදයට එරෙහි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට එම පීඨයේම ඉගෙනුම ලබන නවක වදයට පක්ෂ තෙවැනි වසරේ සිසු පිරිසක් විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පහර කෑ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම පහරදීම විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතන කොරිඩෝවේදී අද (18) පෙරවරු 10.30ත් 11.00 අතර  සිදු වී ඇති බව පැවසේ.

පහරදීම කළ බව කියන සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසීය .