FAST NEWS

24×7 Around the Globe

ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කළේ නෑ – යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාළ කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ ඉඩම් කිහිපයක් පමණක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාර දුන් බව බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේය.

එසේම එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් සිටී නම් නීත්‍යනුකූලව එම ඉඩම් මුදා හැරීම සඳහා එලෙස බාර දුන් බවත්, ඕමන්ත යුද හමුදා කඳවුර එලෙසින්ම තවදුරටත් තිබෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.