FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික රෝහල් නියාමන වාර්තාව සකසා නිම කරන්නැයි රාජිතගෙන් උපදෙස්…

 

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව ඉදිරි මාස 2 තුළ සකස් කර අවසන් කරන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උපදෙස් දී තිබේ.

මෙම වාර්තාව මේ වන විට ජාත්‍යන්තර සමාගමක් වන කේ.පී.එම්.ජී. ආයතනය විසින් සකස් කරනු ලබන බව ඇය පැවැසුවාය.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේදී, වෛද්‍ය පරීක්ෂණ, ශල්‍යකර්ම, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම, ඖෂධ අලෙවිය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයක්ම නියාමනය කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ  රැස්වීමකදී සඳහන් කර තිබේ.

මේ අතර පෞද්ගලික රෝහල් පරීක්ෂා කිරීම සඳහා හදිසි වැටලීම් අංශයේ ප්‍රධානීන්ට බලය පැවරීමේ ගැසට් පත්‍රය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය මෙහිදී පැවැසුවාය.