FAST NEWS

24×7 Around the Globe

ලග්ගල ප්‍රාදේශිය ලේකම් අල්ලස් ගනිද්දි කොටු..

ලග්ගල ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා රුපියල් ලක්ෂයක අල්ලස්  මුදලක් ලබා ගනීමීන් සිටියදී  අත්අඩංගුවට  ගත් බව අල්ලස්  හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ  අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ප්‍රියවන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

එම ප්‍රදේශයේ  කොන්ත්‍රාත්කරුවකු  විසින් කරන ලද සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් ගෙවිය යුතු චෙක්පත් ඉක්මණින්  නිකුත් කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් ඉල්ලා එය ලග්ගල තෝරපිටියේ දී ලබා ගනිද්දී ප්‍රාදේශිය සභා ලේකම්වරයා අත්අඩංගුවට ගත් බවද හෙතෙම පැවසීය.