FAST NEWS

24×7 Around the Globe

“ඇමරිකන් හඬ“ට දුන් ඉඩම් යළි පවරා ගැනීමට කැබිනට් අනුමැතිය..

අමෙරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක් ආපසු පවරා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

“ඇමරිකන් හඬ“ (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබුණි.

එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ.

ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.