FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුමට 28,000 ආරක්ෂාවක්..

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තෙරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන 20 වැනිදා දිනයේ දැඩි ආරක්‌ෂක විධිවිධාන යෙදීමට ඇමෙරිකානු පොලිසිය කටයුතු යොදා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ට්‍රක්‌රථ ප්‍රහාරයක්‌ එල්ලවන බවට මතුවී ඇති සැකය ඊට හේතුව වී ඇති බවද සඳහන්.

මේ හැර පුපුරණ ද්‍රව්‍ය අඩංගු ඩ්‍රොන් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ත්‍රස්‌තයන් ක්‍රියාකරන බවටද  වාර්තා වී ඇති බව පැවසේ.

එහෙත් ස්‌වදේශාරක්‌ෂක අමාත්‍යාංශ ලේකම් ඡේන් ජොන්සන් පවසන්නේ තර්ජනකාරී තත්ත්වයක්‌ ගැන තවම වාර්තාවී නැති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන අවස්‌ථාව උදෙසා එෆ්. බී. අයි. පොලිසිය බුද්ධි බළකාය හා ජාතික බළකායේ 28,000 ක ආරක්‌ෂක බලමුළුවක්‌ යෙදවීමට තීරණය වී ඇත.

ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දීමට නියමීත අතර මෙදින උස්‌ ගොඩනැඟිලිවල දිගු දුර විහිදුම් ප්‍රහාරක භටයන් ස්‌ථානගත කිරීමට ද ආරක්‌ෂක බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර ට්‍රම්ප්ගේ දිවුරුම්දීමේ උත්සවයට විරෝධය පෑමට කණ්‌ඩායම් 99 ක්‌ සූදානම් වී සිටින බව වාර්තා වී තිබේ.

ට්‍රම්ප්ගේ දිවුරුම්දීමේ උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාවට ලේසර් උපකරණ සහ ගම්මිරිස්‌ ප්‍රහාර එල්ලකළ හැකි උපාංග හා වෙනත් අනතුරුදායක ද්‍රව්‍ය ගෙන ඒමට තහනම් කර ඇත.