FAST NEWS

24×7 Around the Globe

දියණිය සුහානා සිනමාවට රැගෙන එන බව ෂාරුක්ගෙන් ප්‍රකාශයක්…

 

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා සිනමාවට ප්‍රවිශ්ට වීම ගැන ඊයේ(16) ෂාරුක් අමුතු ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඔහු පවසන්නේ එය ඉදිරියේදී සිද්ධවීමට ඉඩ ඇති නමුත් කොන්දේසි සහගත කාරණාවක් වනු ඇති බවයි.

”මං වගේ පස් ගුණයක් කැපවීමෙන් සහ මට වගේ දහයෙන් පංගුවක් වැටුප් ලබමින් ඇය සිනමාවට පිවිසීමක් සිදුවනවා නම් ඇයට මේ ක්ෂේත්‍රය ඉදිරි අනාගතයක් තිබේවි. මාත් එක්ක වැඩකරන නිළියන් හා සමාන දක්ෂතාවයක් ඇයටත් ඇති බව මට දැනී තිබෙනවා. කොහොම වුණත් එයාට එයාගෙ අධ්‍යාපන වැඩ ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න වෙන්නේ”