FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති දියණීයගේ ආයතනයෙන් සේවකයෝ 67 ක් පහ කරයි..

සීදුව ප්‍රදේශයේ පිහිටි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අයත් යැයි පැවසෙන ඔහුගේ වැඩිමහල් දියණියගේ පාලනය යටතේ පවතින ග්ලෝබල් පාක් ආයතනයේ ස්ථීර සේවකයන් හැට හත්දෙනකු පිවිසුම් ගේට්ටුව අසල බිත්තියක නාමලේඛනයක්  ප්‍රදර්ශනය කරමින්  සේවයෙන් පහ කර ඇති බව වාර්තා වේ.

පෙර දැනුම්දීමකින් තොරව ඊයේ (16දා) පෙරවරු වැඩමුරයට පැමිණි අවස්ථාවේ මෙලෙස එම සේවකයන් ‍ ඉවත් කර ඇති බවද වාර්තා වේ.

එම ක්‍රියාවට විරෝධය පාමින් තමන් ඉවත් කිරීමට හේතුව දන්වන ලෙස පාලන අධිකාරියට බල කරමින් සේවකයන් සාමකාමී උද්ඝෝෂණයක නියැළී  ඇති බවද සඳහන්.

මෙලෙස වෘත්තීය තහනමට පත්ව සිටින සේවකයෝ  වසර තුනක් කාලයක් අදාළ  ආයතනයේ ස්ථිර සේවයේ යෙදී සිටි සේවකයෝ වන බවද පැවසේ.

පාලන අධිකාරිය විසින් මීට ඉහතදීද  මෙවැනි ලෙසම සේවකයන් ඉවත් කර පසුව ඔවුන් දෙදෙනාම යළ කොන්ත්‍රාත් පදනමට සේවයේ පිහිටුවා ඇති බවද දැනගැනීමට ඇත.

මෙම සේවකයන්ගේ වැටුප රුපියල් පහළොස් දහසක් වැනි  මුදලක් වන බවත් , වසර තුනක් පුරාවටම අදාළ සේවකයන්ට කිසිඳු වැටුප් වැඩි කිරීමක් නොකළ බවද  එහි සේවකයෝ පවසයි.