FAST NEWS

24×7 Around the Globe

‘Raees’ චිත්‍රපටයේ ෂාරුක් සමග ප්‍රධාන නිළි චරිතයට මහිරා ඛාන්…

 

හැමෝගෙම ආකර්ෂණය දිනා ගැනීමට ෂාරුක් ඛාන් මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වන්නේ මේ මස තිරගත වීමට නියමිත Raees චිත්‍රපටය නිසාය.

Raees චිත්‍රපටය නිසා බොහෝ දෙනෙකු‍ගේ කතාබහට ලක්වෙන අලුත්ම තාරකාවිය පිළිබදවත් සැවොම උනන්දු වී ඇති බවත් වාර්තා වන අතර ෂාරුක් සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පෙනී සිටින ඇය මහිරා ඛාන් නම් වේ.

ඇය පකිස්තානු නිළියක් සේම සම්මාන කිහිපයක් දිනා ගනිමින් පාකිස්තානු චිත්‍රපට ක්‍ෂේත්‍රයේ වැඩිම ආදායමක් ලබන නිළියක් වීමත් විශේෂත්වයකි.

2012 වසරේ සිටම පාකිස්තානු ටෙලි නිළියක ලෙස හොඳම නිළිය සම්මානයට කිහිප වරක්ම නිර්දේශ වීමටත් සම්මාන ලැබීමටත් ඇය වාසනාවන්ත වුණ නමුත් ඇය  බොලිවුඩයට ආරම්භයක් ලබා ගන්නේ Raees චිත්‍රපටය හරහාය.

ශාරුක්ගේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙන් දිපිකා සිනමාවට පළමුව පයතැබීමත් සමග අද වන විට බොලිවුඩයේ සාර්ථක ගමනක් යමින් සිටින නිසා මහිරාත් ෂාරුක් සමඟ බොලිවුඩට පා තැබීම ඇයට වාසනාවක් වෙනු ඇතැයි සැවොමගෙම බලාපොරොත්තුව බවද සදහන් ‍වේ.