FAST NEWS

24×7 Around the Globe

බස් සේවකයෝ වීදි බසිති – වව්නියා නගරය උණුසුම් වෙයි..

වව්නියාවේ පැරණි බස් නැවතුම්පොළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඉවත් කරගෙන ඊයේ (16) විවෘත කළ නව බස් නැවතුම්පොළට නොගියැයි ඒ නවය මාර්ගය වව්නියාව නගරයෙන් හරස් කරගෙන පෞද්ගලික බස් රථ සේවකයන් විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ නිසා ඒ නවය මාර්ගයේ ගමනාගමනය අවහිර වී ඇති බවත් විරෝධතාවේ නිරත පෞද්ගලික බස් සේවකයෝ පිරිසක් ශ්‍රීලංගම බස් රථ කිහිපයකට පහර දී ඇති බවද පැවසේ.

වව්නියාව නව බස්නැවතුම්පොළ ඊයේ (16) විවෘත කරනු ලැබුවේ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.