FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් දිවුරුම් දීම දා යතුරුපැදිකරුවන් 5000 ක් වොෂින්ටන් අක්‍රමණය කරයි..

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන අවස්‌ථාවේ ට්‍රම්ප්ට සහය පතා යතුරුපැදිකරුවන් 5000 ක් ජනවාරී 20 වැනි දින‌ වොෂින්ටන් නුවරට පැමිණීමට නියමීත බව විදෙස් වාර්තා පවසයි.

ට්‍රම්ප් සඳහා වූ යතුරුපැදිකරුවන් නමින් හඳුන්වා ගත් මෙම යතුරුපැදිකරුවන්ගේ සංවිධානයේ ක්‍රිස්‌ කොක්‌ස්‌ විරෝධතාකරුවන්ගෙන් ට්‍රම්ප්ව රැකගැනීම තම අරමුණ බව සඳහන් කර තිබේ.

ට්‍රම්ප් විරෝධීන් පොලිසිය දමා ඇති මාර්ග බාධක නොතකා ඉදිරියට පැමිණීමට ක්‍රියාකළහොත් අප ඊට එරෙහිව ක්‍රියාකරනවා යෑයිද ඔහු පවසා ඇත.

ජනවාරි 20 දා ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ,අපි ට්‍රම්ප්ව රැකගැනීමේ තාප්පයක්‌ ලෙස කටයුතු කරනවා යෑයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

තම සංවිධානයට සාමාජිකයන් 20,000 ක්‌ සිටින බව ක්‍රිස්‌ කොක්‌ස්‌ හෙළි කර තිබේ.