FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණ අවසන් වාර්තා අද ඇමති ෆයිසර් අතට..

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද (17) පස්වරු 2ට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත භාරදෙන බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ඊයේ (16) සවස් වන තෙක්ම සීමා නිර්ණ පංච පුද්ගල කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත එ.එස්.එම්. මිස්බාර් මහතා අවසන් වාර්තාවට අත්සන් නොතැබූ බවද සභාපතිවරයා කියා සිටියේ ය.

සාමාජිකයන් සිව්දෙනකු අවසන් වාර්තාවට අත්සන් තබා තිබෙන බැවින් මිස්බාර් මහතාගේ අත්සන නොමැති වුවද අද දිනයේදී වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදෙන බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.