FAST NEWS

24×7 Around the Globe

සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් අත්අඩංගුවට ගැනේ..

දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතාව අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

ඔහු දකුණු කොරියාවේ විශ්‍රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනයට යොදාගැනිම සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් හුයි මහතාගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියා පොලිසිය ඔහුගෙන් පැය ගණනාවක් පුරා ප්‍රශ්න කිරීම් සිදුකර ඇතැයිද පැවසේ.