හම්බන්තොට, සූරියවැව, වල්සපුගල ප්රදේශයේ කිරි ගවයන් සඳහා වෙන් කර තිබෙන තෘණ භූමියට පස් ජාවාරම්කරුවන් විසින් විශාල හානියක් සිදුකර තිබේ.
සූරියවැව සිට කතරගම දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගය සඳහා පස් ලබා දීමේ මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති අතර මේ නිසා ප්රදේශයේ කිරි ගවයන් සඳහා වෙන් කර ඇති අක්කර 2,000ක් පමණ විශාල තෘණ භූමියේ විශාල ප්රමාණයක් මේ වන විට විනාශ වී තිබේ.
අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා පස් ලබාගැනීමට කොන්ත්රාත්කරුවන් දෙදෙනෙකු සඳහා අක්කර 08 හා 10 ක භූමි දෙකක් වෙන් කර ලබා දී ඇතත් මේ වන විට ඔවුන් එම සීමාවන් ඉක්මවා ගොස් අක්කර 50කට අධික භූමි ප්රදේශයක පස් කැපීම සිදුකරමින් සිටිති.
අක්කර 2,500ක් පමණ වන මෙම තෘණ භූමිය වර්ෂ 2004දී කිරි ගොවීන් සඳහා රජය විසින් ලබා දී තිබේ.
නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කැපීම නිසා මෙම තෘණ භූමිය විනාශ වීමෙන් ප්රදේශයේ කිරි ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.









