FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් 10 දෙනෙකුට ඇප..

හම්බන්තොට පසුගියදා පැවති විරෝධතාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් 34 දෙනෙකු අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී  භික්ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුට එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අනික් පුද්ගලයින් 24 දෙනෙකු මෙම මස (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.