පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එ අනුව උතුරු සහ නැගෙනහිර හැර සෙසු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සියලු දෙනා මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිත බව පැවසේ.
පසුගිය බදාදා පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර පැවැති විශේෂ හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇති බවද සඳහන්.
ඒ අනුව මෙම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දිනයක් ලබා ගැනීම සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා වෙත පැවරී තිබේ.
ප්‍රධාන අමාත්‍යවරුන්ට හමුවීමට අවශ්‍ය බවට වන පණිවුඩය මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබි ඇති අතර ඔහු ඊට එකඟතාව පළ කර ඇති බවද අදාළ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව සියලු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට පහසු වන අයුරින් ඉදිරි දින කිහිපය තුළ එම සාකච්ඡා සඳහා අවශ්‍ය දිනය ලබා ගැනීමට නියමිතය.
එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම හමුවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කිරීමට ප්‍රධාන අමාත්‍යවරුන් කටයුතු කරන බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.