FAST NEWS

24×7 Around the Globe

ත්‍රිවිධ හමුදාවේ සමාජීකයින් අත්අඩංගුවට ගැනීම පොලීසියට පැවරේ..

පොදු සමාකාලයේ ආරක්ෂක හමුදාවන් වෙත භාර නොවූ යුද හමුදා සාමාජිකයින් 34,000ක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 42,000ක සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ කාර්ය ආරක්ෂක හමුදා විසින් පොලිසිය හා ආගමන විගමන දෙපාර්තුමේන්තුවට බාරකර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

යුද හමුදා පොලිසියට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ බලයක් නොතිබීම නිසා පැනගිය ආරක්ෂක සේවා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ වගකීම ත්‍රිවිධ හමුදාවන්හිම එකගතාව මත පොලිසියට භාරදී තිබෙන බවද ඔහු කීවේය.

පැනගිය හමුදා සාමාජිකයින් සොයා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවත් අත්අඩංගුවට පත්වන හමුදා සාමාජිකයින් පොලිසිය හරහා හමුදා රෙජිමේන්තු වෙත භාර කරනු ඇති බවත් ඔවුන් හමුදා නීතිරීතිවලට යටත් කරමින් ඉවත් කරන බවත් ඔහු සඳහන් කළේය.