FAST NEWS

24×7 Around the Globe

විල්පත්තුව පිළිබඳ වාර්තාව ජනපතිට – නැවත පදිංචි කිරිම් සධාරණයි..

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සීමා මායිම් සහ එහි සිදුකල ජනාවාස  කිරීම් සම්බන්ධයෙන් දත්ත සහිතව සකස් කළ වාර්තාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය බදාදා (11) ජනාධිපතිතුමා වෙත භාර දීමට කටයුතු කළ අතර එමගින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ එහි සිදුකළ නැවත පදිංචි කිරිම් නිවැරදිව සිදුව ඇතැයි පැහැදි කර ඇති බව සඳහන්.

එ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සම්බන්ධව පසුගිය කාලයේ GPS තාක්ෂණය යොදාගෙන සිදු කර ඇති මායිම් ගණනය කිරීම් වැරදි බව අදාළ වාර්තාව මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එසේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිම් තුළ 2009 වසරේ දී සිදු කළැයි පැවසෙන ජනාවාස කටයුතු ගැටලුවකින් තොර බවත් එම වාර්තා මගින් සඳහන් කර ඇති බවද පැවසේ.

එසේම මෙම GPS තාක්ෂණය යොදාගෙන මායිම් ගණනය සම්බන්ධ වැරදි අර්ථ කථනය  නිවැරදි කර ගැනීමට අනුගමනය කළ යුතු  නිර්දේශද අදාළ වාර්තාව මගින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

තවද, මෙම වාර්තාව මගින් විල්පත්තු නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයද පැහැදිලිව සඳහන් කර තිබේ.