FAST NEWS

24×7 Around the Globe

ඩොලර් ලක්ෂ තුනක් ගෙනෙන විදේශකයන්ට වසර 05 කට වීසා..

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික විදේශීය ආයෝජන සිදුකරන තනි පුද්ගලයන් සඳහා මෙරට තුළ වසර පහක කාලයක් රැඳී සිටීමට වීසා නිකුත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (12) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඒ අනුව මෙම තීරණය 2017 අයවැය යෝජනාවේ තිබූ විදේශීය ආයෝජන සඳහා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණ ක්‍රියාවට නැංවීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතරම අදාළ නීතිය තවත් සති කිහිපයක් තුළ නීතිගත කිරීමටද බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය