ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට යළිත් ලබාදෙන ලෙස යුරෝපා සංගමයට ඊයේ (11) යෝජනා කළ බව යුරෝපා කොමිසම නිවේදනය කර තිබේ.
මෙම සහන මගින් විශේෂයෙන්ම මෙරට ඇඟලුම් හා මත්ස්‍ය ඇතුළු අපනයන නිෂ්පාදන ගණනාවක් වෙත පනවනු ලැබූ තීරු බදු 66% ක් ඉවත් කිරීම මෙමගින් සිදුකෙරේ.
මේ අනුව මෙම යෝජනාවට විරෝධතා ගොනු කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරි මාස 4ක කාලයක් හිමි වේ.
කෙසේ වෙතත් මෙම බදු සහනය ලබාදීම තුළින් ප්‍රතිලාභී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ 27 ජාත්‍යන්තර සම්මුතීන් මුළුමනින්ම සෑහීමකට පත්වන බවට කිව නොහැකි බව ද එම නිවේදනය මගින් යුරෝපා කොමිසම අවධාරණය කර තිබේ.
නිවේදනය මගින් වෙළෙඳ කටයුතු පිළිබඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්රෝම් පවසා ඇත්තේ මෙසේය. “යුරෝපා වෙළෙඳපොළට කරනු ලබන අපනයන සඳහා මෙම බදු සහනය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සපයනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාවට නැංවීම්, නීතිය හා සාමය සහ යහපාලනය ස්ථාපනය කිරීම උදෙසා අපගේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය බවට ද මෙමගින් පෙනී යන කරුණකි. ජීඑස්පී ප්ලස් බදු සහනය පිළිබඳ කතිකාවතට සහ ඉහත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා අප දක්වන දායකත්වය තුළින් ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාදාමය තුළ ප්‍රගතියක් පෙන්වීමට හැකිවනු ඇති බවට මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවිරෝධී නීති පැනවීම ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිය සමඟ අනුරූප විය යුතු බවට ද මීට ඇතුළත් විය යුතු බව පෙන්වාදීමට කැමැත්තෙමි” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවෙන් යූරෝ බිලියන 2.6ක පමණ අපනයනය ලබාගන්නා අතර එහි වැඩි ඉඩක් වෙන්වනුයේ මෙරට ඇඟලුම් නිෂ්පාදනය කෙරෙහිය.
2015 වනවිට දෙපාර්ශ්වයේ වෙළෙඳ හුවමාරුවේ වටිනාකම යුරෝ බිලියන 4.7ක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.