FAST NEWS

24×7 Around the Globe

නඩරාජා රවිරාජ් නඩුවේ තීන්දුව අහෝසි කරන්නැයි නීතිපති ඉල්ලයි..

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අහෝසි කර එම නඩුව නැවත විභාග කිරීමට ඉල්ලමීන් නීතිපතිවරයා අද (11) අභියාචනාධිකරණයට අපෑලක් ඉදිරපත් කළේය.

එ අනුව මෙම සම්බන්ධයෙන් මහාධිකරණයට නියෝග නිකුත් කරන්නැයි නීතිපතිවරයා සිය ඇපෑල මගින් අභියාචනාධිකරණයෙන්   ඉල්ලා සිටියි.

එසේම අදාළ නඩුව විභාග කළ විශේෂ ජූරි සභාව හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුව සම්බන්ධයෙන් නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කිරීමක් සිදු නොකර ඇත බවද  හෙතෙම සිය ඇපෑල මගින් අවධාරණය කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා අළුයම ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී චෝදනා එල්ල වී තිබු විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කෙරුණි.