FAST NEWS

24×7 Around the Globe

උමා ඔය විපතට පත් ජනතාවට සහන දෙන්න කැබිනට් අනුමැතිය..

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ඇති වී ඇති ආපදා තත්ත්වය වෙනුවෙන් ග්‍රාමසේවා වසම් අටක විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

පුර්ණ හානියට පත් නිවාස සඳහා නිවසක් ඉදිකර දීමටද,පානීය ජල සබඳතා නොමිලේ ලබා දීමටද යෝජනා වී තිබේ.