FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනකරුවන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති කිහිපයක් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයක් කොළඹ දිසා අධිකරණය  නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණ නඩු අංක 3/2017/DSP අනුව වැඩවර්ජනයේ යෙදී සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි වෘත්තීය සමිති කිහිපයකට 2017 ජනවාරි 19 වැනිදා දක්වා පනවා ඇති වාරණ නියෝගයට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සහ / හෝ එහි සේවකයන්ට අයත් කිසිදු චංචල සහ නිශ්චල දේපළකට හානි කිරීම තහනම් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට හෝ වෙනයම් ක‍්‍රමයකට සේවය ලබා ගන්නා සේවකයින් සහ / හෝ පුද්ගලයන්ට තර්ජනය කිරීම, අපහාස කිරීම සහ / හෝ ඔවුන්ගේ සේවා ස්ථාන වලට පැමිර්‍ණම වැළැක්වීම සහ ඔවුන් බිය වද්දා ඔවුන්ගේ සේවා ස්ථාන වලින් සේවය කරන විට පිටතට ගෙන යාමට සහ / හෝ එම සේවකයින්ගේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කිරීමේ කටයුතු වලට සම්බන්ධව කිසිදු අයුරකින් බාධා කිරීමත් එමගින් වළක්වාලනු ඇත.