FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු පිවිසුමට බෝම්බ ප්‍රහාරයකින් 30 ක් මරුට..

ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු පිවිසුම අසල ඊයේ (10) පස්වරුවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හා කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනකු මියගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එසේම එම ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවට තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රකාශ නිකුත් කර ඇති බවද සඳහන්.

එ අනුව බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයින් සංකීර්ණයෙන් පිටත් වන වේලාවේ දී බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.