ෙ‘හීරෝපාන්ති’ චිත්රපටය හරහා බොලිවුඩයට පිවිසි ටයිගර් ෂෙරොෆ් මෑත කාලයේ බොලිවුඩයේ බිහිවු දක්ෂ නළුවෙක් වන අතර ඔහු 2017 වසරේ දායක වන පළමු චිත්රපටය වන ‘මුන්නා මයිකල්’ චිත්රපටය එළඹේන ජුලි 07 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය කිරීමට නියමිතය.
එසේම ඔහු පසුගිය වසරේදී චිත්රපට කිහිපයක් සඳහා දායක වු අතර, ඉන් ‘බාගි’ චිත්රපටය ලොවපුරා ප්රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් උපයා ගැනීමට සමත් විය.
මෙම ‘මුන්නා මයිකල්’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇතැයිද ටයිගර් පවසා ඇත.









