FAST NEWS

24×7 Around the Globe

ජනවාරි මස 13 වන දින උතුරු පළාතේ සියළුම පාසල් වැසේ..

එළඹෙන ජනවාරි මස 13 වන දින උතුරු පළාතේ සියලුම පාසල්  වසා තැබීමට පියවර ගන්නා බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.‍

ජනවාරි මස 14 වන සෙනසුරාදා දිනට මෙවර තෛපොංගල් නිවාඩු දිනය යෙදී තිබෙන බැවින් එම උත්සවය සමරන පාසල් සිසුන්ගේ පහසුව තකා මෙම නිවාඩු දිනය ලබා දුන් බවද සඳහන්.

එසේම මෙම අතිරේක නිවාඩු දිනය වෙනුවට ජනවාරි 21 වන සෙනසුරාදා දිනයේ උතුරේ පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවද නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.