FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද මංගල දියවර ජනපති අතින් නිකුත් කෙරේ..

මොරගහකන්ද ජලාශය සඳහා මංගල දියවර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) නිකුත් කරනු ලැබිය.

පසුගිය ආණ්ඩු සමයේ කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශය ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන මොරගහකන්ද ව්‍යාපෘතිය අයත් ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් වන බව පැවසේ.

කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය, පානීය ජල අවශ්‍යතාව, විදුලි බල සැපයුම ලෙස බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.