FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රීයේ සිට භූමි තෙල් මීල පහළට..

අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල  රු.5/- කින් අඩු කිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් ඇත.

ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රු.44/- දක්වා අඩු වනු ඇත.

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක්  ජනවාරියේ සිට රු.5/-කින් අඩු කරන බවට ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව මෙම මීල සංශෝධනය වේ.