FAST NEWS

24×7 Around the Globe

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට නොසන්සුන්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ.

එම ස්ථානයට රැස්වූ පිරිසක් සටන් පාඨ කියමින් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට මෙවන විට රැදී සිටින බවද පැවසේ..

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී පොලිස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  විසින් අද විමල් වීරවංශ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.

මීට ටික වේලාවකට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම ස්ථානයෙන් රැගෙන ගියේය..