FAST NEWS

24×7 Around the Globe

පිලිපීන මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3ක ප්‍රබල භූ කම්පනයක්…

පිලිපීනයේ ටබියාවුන් ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ අද (10) එරට වේලාවෙන් පෙරවරු 6.13 ට රික්ටර් පරිමාණයේ 7.3ක ප්‍රබල භූ කම්පනයක්  සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 617 ක් ගැඹුරින් එම කම්පනය සිදුව ඇති බවයි වාර්තා වේ.

කෙසේ නමුත්, මෙම භූ කම්පනය නිසා මෙතෙක් සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර නොමැත.